එක්සත් ශ්‍රී ලංකාවක් බිහි වේවා!

එක්සත් ශ්‍රී ලංකාවක් බිහි වේවා!

බුදුන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පවා පිදුම් ලැබුවා වූ ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරයේ පිහිටි කුඩා දිවයිනක් වුවත් සෑම ජන වර්ගයකටම වාසස්ථානයකි. උතුරේ තල රැප්පාවත්, දකුණේ පොල් රැප්පාවත්, උතුරේ ධන ලක්ෂ්මිලාත්, දකුණේ සිරියලතාලාත්, එකට එකතු වී එක්සත්ව ජීවත් වූ මව් බිමකි; ශ්‍රී ලංකාව.

නමුත් මීට වසර කිහිපයකට පෙර බලලෝභය පදනම් කර ගනිමින් සමහර ද්‍රවිඩ නායකයෝ උතුරු – නැගෙනහිර තනි අයිතිය ඔවුන්ට හිමි විය යුතු බවට මත පල කිරීමත්, එම නිසා අවබෝධයෙන් තොරව සමහර තරුණ පිරිස නව රාජ්‍යයක සිහිනය ලගා කර ගැනීමට ක්‍රියා කිරීමත් සිදු විය. එමගින් උත්පාදනය වුනු ත්‍රස්තවාදයට  පැවති රජය තරයේ විරුද්ධව වූ අතර ඔවුන් පැවසූයේ ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට නොහැකි බවත්, සම අයිතිවාසිකම් සෑම ශ්‍රී  ලාංකික ප්‍රජාවම භුක්‍ති විදිය යුතු බවත්ය. නමුත් මීට අවනත නොවූ ත්‍රස්තවාදී පිරිසත්, ඔවුන්ගේ ක්‍රියාවන්ද, පාලනයට පැවති රජය විසින් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂක හමුදාව ශක්තිමත් කරන ලදී.  නමුත් ත්‍රස්තවාදී බලපෑම මානව ඝාතනයටත්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයටත්, හේතු වූ අතර එය ශ්‍රී ලංකාවේ එක්සත් බවට බලවත් ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් විය. තවද ජාත්‍යන්තරය තුළ ප්‍රධාන කතිකාවතටද  ලක් වුනු මාතෘකාවක් විය.

“අවි ගත්තෝ අවියෙන්ම නැසෙති” යන වදන පූර්ණත්වයට පත් කරමින් ත්‍රස්තවාදය අප මව් බිමෙන් උදුරා  දමන්නට  ත්‍රිවිධ හමුදා ශක්තියද, නිවරදි පාලනයද හේතු වූයේ රටට සාමය ළගා කර ගැනීම යන්න අරමුණ පෙරදැරිව ක්‍රියා කල නිසාය. පරාජය වන, අධර්‍යමත් වන කෙතරම් අවස්ථා එකල පැමිනියද එක්සත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ මූලික පරමාර්ථය ඇතිව ඔවුන් ක්‍රියා කළහ. ළගා කර ගත්තා වූ නිදහස සහ  එක්සත් බව හුදු සංකල්පයක් නොකොට, රටක ජීවය වන් සියලු ජනතාව ආරක්ෂා කරමින්, ලංකාවේ පවතින එක්සත් බව නිශ්චිතව තහවුරු කරමින්, එක් ශ්‍රී ලංකා ධජයක් සෙවණේ සාමකාමී, සහජීවනය ගොඩ නැගීමට, ශ්‍රී ලාංකිකයන් ලෙස අපි නිවරදි, පවිත්‍ර චේතනාවෙන් ක්‍රියා කල යුතු වෙමු.

Rtr. ජනිත්‍යා සවින්දි

Share this content:

Leave a Reply

Your email address will not be published.