ඇට්ලාන්ටිස් යනු, වසර 2400 ට පමණ පෙර ප්ලේටෝ විසින් විස්තර කරන ලද කල්පිත දූපතකි. ඇට්ලැන්ටිස් යනු ග්‍රීක මුහුදේ දෙවියා වන පොසයිඩන් විසින් ආරම්භ කරන ලද්දක් බවට පුරාවෘතවල සඳහන් වේ. ඔහු තම පුත් ඇට්ලස් රජු බවට පත් කර, නගරය ද ඔහුගේ නමින් නම් කර ඇත. එසේම, එය වටා ඇති සාගරය අත්ලාන්තික් සාගරය ලෙස නම් කර තිබේ. ප්‍රමාණයෙන් විශාල භූමි ප්‍රදේශයක් අත්පත් කරගෙන ඇතැයි පවසනු ලබන මෙම නගරය, මධ්‍යදරණී මුහුද දිගේ නැගෙනහිර ප්‍රදේශ අල්ලාගෙන සිටි නිති පතා යුද්ධ කළ ශිෂ්ටාචාරයක් ලෙස දක්වයි. මෙම නගරය අශ්ව රථ 10000 ට අධික සංඛ්‍යාවක් සහ ගොනුන්, අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් ඇති දූපත් සමූහයක් වේ.අට්ලාන්ටිස්, පුරාණ ලෝකයේ අධිරාජ්‍යවාදී සුපිරි බලවතෙකු බවට මතයක් ඉදිරිපත් කර තිබේ. එපමණක් නොව, ඇට්ලාන්ටිස්ට් පුරාවෘතයේ සමාජය තුල ආධිපත්‍ය දරන ලද නිශ්ඵලකම, තණ්හාව, සහ…
අතුරුදන් වූ ඇට්ලාන්ටිස් නගරය
