අතුරුදන් වූ ඇට්ලාන්ටිස් නගරය

ඇට්ලාන්ටිස් යනු, වසර 2400 ට පමණ පෙර ප්ලේටෝ විසින් විස්තර කරන ලද කල්පිත දූපතකි.
ඇට්ලැන්ටිස් යනු ග්‍රීක මුහුදේ දෙවියා වන පොසයිඩන් විසින් ආරම්භ කරන ලද්දක් බවට පුරාවෘතවල සඳහන් වේ. ඔහු තම පුත් ඇට්ලස් රජු බවට පත් කර, නගරය ද ඔහුගේ නමින් නම් කර ඇත. එසේම, එය වටා ඇති සාගරය අත්ලාන්තික් සාගරය ලෙස නම් කර තිබේ. ප්‍රමාණයෙන් විශාල භූමි ප්‍රදේශයක් අත්පත් කරගෙන ඇතැයි පවසනු ලබන මෙම නගරය, මධ්‍යදරණී මුහුද දිගේ නැගෙනහිර ප්‍රදේශ අල්ලාගෙන සිටි නිති පතා යුද්ධ කළ ශිෂ්ටාචාරයක් ලෙස දක්වයි. මෙම නගරය අශ්ව රථ 10000 ට අධික සංඛ්‍යාවක් සහ ගොනුන්, අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් ඇති දූපත් සමූහයක් වේ.අට්ලාන්ටිස්, පුරාණ ලෝකයේ අධිරාජ්‍යවාදී සුපිරි බලවතෙකු බවට මතයක් ඉදිරිපත් කර තිබේ. එපමණක් නොව, ඇට්ලාන්ටිස්ට් පුරාවෘතයේ සමාජය තුල ආධිපත්‍ය දරන ලද නිශ්ඵලකම, තණ්හාව, සහ දූෂණය ගැන දෙවිවරුන් වඩ වඩාත් නොසතුටට පත් විය. එම නිසා වසර 9000 ට පමණ පෙර සියුස්ගේ නායකත්වයෙන් ග්‍රීක දෙවිවරුන්ගේ ඇට්ලාන්ටිස් හී ආක්‍රමණශීලීත්වය, නින්දිතභාවය සහ වැරදි හැසිරීම් සදහා දඬුවමක් ලෙස ඇට්ලාන්ටිස් ගිල්වා දැමූ බව සදහන් වේ. නමුත්, ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයන් මෙම නගරය ප්‍රබන්ධයක් ලෙස සැළකූහ.
කෙසේ නමුත්, මෙම අද්භූත නගරය විවිධ කලාත්මක විශයන් කෙරෙහි දස්කම් පෙන් වූ බවට මත පවතන මෙන්ම, එහි සාහිත්‍යය, ගණිතය ප්‍රධාන වූ බව පවසේ. මෙම නගරය සැබෑවක් ද නැත්නම් ප්‍රබන්ධයක් ද යන්න අදටත් අභිරහසක් වන නමුත්, අද වන විටත් මෙම නගරය සොයා බොහෝ ගවේෂකයන් ගමන් කරති. ප්ලේටෝගේ වාර්තාවලට අනූව අත්ලාන්තික් සාගරයේ පැවතුනා යැයි සඳහන් කරන අතර, ගවේෂකයන් උපකල්පනය කරන්නේ මෙය සැබෑවක් නම් මධ්‍යදරණී මුහුදේ ඇතුළත හෝ ඉන් පිටත පැවතිය යුතු බවකි.
එහිදී මධ්‍යදරණී මුහුදේ හෝ ඊට ආසන්නයේ මෙය පැවතිය යුතු යැයි දක්වන්නේ ඊජිප්තුවේ පිහිටීමත් සමඟ එහි යෝජිත ස්ථාන අතරට සැන්ටෝරිනී වැනි දූපත් ඇතුළත් වීමෙනි. සැන්ටෝරිනීහි දැවැන්ත ගිනිකඳු පිපිරීමක් සහ දැවැන්ත සුනාමියකට තුඩු දුන් අතර, එය ඇට්ලාන්ටිස්ට් ගිලී යාමට හේතු වන්නට අති බව අදහස වේ.
රොබට් සර්මාස්ට් වැනි පුද්ගලයන් තර්ක කරන්නේ ඇට්ලාන්ටිස් පිහිටා ඇත්තේ නැගෙනහිර මද්‍යධරණී මුහුදේ සයිප්‍රස් ද්‍රෝණියේ පතුලේ ආසන්න වශයෙන් ජලයෙන් සැතපුම් 0.9 ක් යටින් බවයි.
මෙම ඇට්ලාන්ටිස් පැවතිය හැකි තවත් ස්ථානයක් ලෙස මෝල්ටා නැගෙනහිර සහ බටහිර මද්‍යධරණී මුහුද අතර බෙදුම් රේඛාව මත බවයි. ඊට හේතුව, ලොව පැරණිතම මිනිසා විසින් සාදන ලද ව්‍යූහයන් පිහිටා ඇති ස්ථානය වන මෝල්ටාව, අතීත සහ වර්තමාන පර්‍යේශකයින් ඇට්ලාන්ටිස් පැවතිය හැකි බවට තරයේ විශ්වාස කරති.
මද්‍යධරණී මුහුදෙන් පිටත මෙම නගරය පැවතිය හැකි යැයි විශ්වාස කරන ස්ථාන අතර තුර්කිය, කළු මුහුද , ඉන්දුනීසියාව, කැරිබියන් මුහුද, මොරොක්කෝව, සහ අන්ටාක්ටිකාව පවා අතුළත් වේ. සමහර භූ විද්‍යාත්මක පර්‍යේශකයන් මෙම අට්ලාන්ටිස් නගරය ට්‍රෝයි නගර රාජ්‍යක් බවට යෝජනා කර ඇත. මෙවැනි බොහෝ මතවාදයන් පැවතුනද අදටත් මෙම නගරය සොයා ගැනීමට කිසිවෙක් සමත් වී නොමැති අතර එය තවත් එක් නොවිසඳුනු අභිරහසක් ලෙස සලකයි.
– Rtr. Naveesha Fernando
Share this content:
Leave a Reply