එයා අවුරුදු නිවාඩු එනකල් මඟ බලන මං

එයා අවුරුදු නිවාඩු එනකල් මඟ බලන මං

සුපෙම් සුවඳැති
සේපාලිකාවන්
සඳළුතලයෙන්
බිම බහින හෝරාවේ
හමා ආ සිහිල්
සුළන් රොදක්
කනට කර නුඹ
හොඳින්දැයි අසා
සැනින් පාලා ගොස් සැඟවිණි.
නිසැකෙන්ම
ඒ නුඹ එවු
පණිවිඩකරුවෙක් බැව්
පසුව මා වටහාගත්තේ
නුඹේ සුවඳත් එහි
එතී තිබූ නිසාවෙනි.
වසන්තයට පෙර
යලි අප මුණ ගැහෙන තුරු
දින ගණින මා නුඹේ
සෙබල පතිනියයි……

Rtr. සෙනලි ෆොන්සේකා

Share this content:

Leave a Reply

Your email address will not be published.