Day: 27 January 2024

මුඩුක්කු යට ඇඩ්‍රස් නැති ජීවිතවල රූපමය පුනර් කියවීම

ඇඩ්‍රස් නෑ සිනමා කෘතිය පිළිබඳ කෙටි විවරණයකි  “ආලෝකය ඉපදුන ද අන්ධකාරය ද ඉපදුනේය  පොහොසත්කම ඉපදුන ද දුප්පත්කම ද ඉපදුනේය  රජුන් ඉපදුන ද සිගන්නන් ද ඉපදුනේය”       (ඇඩ්‍රස් නෑ සිනමා පටයෙනි) ලෝකය සෑම විට ම පරස්පරතාවයන්ගෙන් යුක්ත වන්නේ ය. අපි එය විවිධත්වය යැයි හඳුනා ගනිමු. එහෙත් එම විවිධත්වය තුළ සෑම විට ම කිසියම් පාර්ශවයක් අසාධාරණයට පත් වන්නේය. එම අසාධාරණය කවදා අවසන් වේදැයි අප නොදනිතත් ඒ පිළිබඳ සමාජ කතිකාවත විටින් විට සමාජ අවකාශයේ මතු වෙයි. මෙම ලිපියෙහි අවධානයට නතු කරන "ඇඩ්‍රස් නෑ" සිනමා නිර්මාණය ද එවැනි සමාජ ගැටලුවක් තේමාව බවට පත් කර ගනියි. එම සමාජ ගැටලුවේ අංශ කිහිපයක් ස්පර්ශ කරමින් ඒ පිළිබඳ පුනර්කතිකාවතක් ඇති කිරීමට නිර්මාණාත්මක වෑයමක් දරයි. ජැක්සන් ඇන්තනී විසින් තිර රචනය හා අධ්‍යක්ෂණය කෙරුණු මෙම නිර්මාණයේ තිර පිටපත…

Read more