පොත් කියවීම යනු එක්තරා ආකාරය ඇබ්බැහි වීමකි. විවිධාකාර ඇබ්බැහවීම් අතර යහපත් ඇබ්බැහි යක් වන මෙය තුලින් අපට උකහා ගත හැකි දෑ බොහෝය.කුඩා කළ පටන් ඇති ආසාව නිසාම පොත් කියවීමට රුචිකත්වයක් ඇති මුත් සෑම පොතක්ම මා ඇලුම් කරන්නේ නැත. එසේ ඇලුම් කළ පොත් අතර ඉහළින් ම පවතින අපූරු කතාන්දරයක් ලෙස මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගේ මැයි මාර ප්‍රසංගය දැක්විය හැකිය . සාහිත්‍යය මාසයේ දිනයක විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ පැවති පොත් ප්‍රදර්ශනයකින් මිලට ගත් මේ කෘතියෙහි නම ඇසූ සැනින් මා මුල්වරට සිතුවේ මෙය කවි පොතක් වන්නට ඇතැයි යනුවෙනි. නමුත් මෙහි සැබැවින්ම ගැබ්ව ඇත්තේ අප්‍රකාශිත නමුත් අපරාජිත වූ පිවිතුරු ආදර අන්දරයකි.සාම්ප්‍රදායික ආදර කතා මෙන් නොව මෙය අහිංසක හිත් කොනක තනිවූ අපූරු ආදර කතාන්දරයක් ලෙස දැක්විය හැකිය. කතාවේ කථානායකයා වන සමිධ අතුලසිරි යනු සාහිත්‍යයමය…
මා කියවූ අපූරු පොත
