Category: Uni Verse II

වචන ගළපන්නෙකුගේ  හදවත 

රොටරැක්ට් කතුවැකියේ දෙවසරක මතක  ඉන්න තැනක ඉන්න බව දැනෙන්න සලස්වන එක මගේ සාමාන්‍ය ජීවන ලක්ෂණයක් බව බොහෝ අය දන්නවා . මං එහෙම කරන්නෙ ම ඒ ස්ථානයෙන් හරි ඒ අවස්ථාවෙන් හරි උපරිම ප්‍රයෝජනයක් ගන්න මට තියෙන ආසාව නිසාමයි . ඒ නිසා ම විශ්වවිද්‍යාල ජීවිතයේත් උපරිම ප්‍රයෝජන ගන්න පළවෙනි දවසෙදි ම මම හිතාගත්ත . ඒ නිසා අධ්‍යයන කටයුතු වගේ ම විෂය බාහිර කටයුතු ගැනත් මට ලොකු උනන්දුවක් තිබ්බ . සිව් වසරක උපාධි අපේක්ෂක ජීවිතයේ දෙවසරක් අවසන වෙමින් තියෙන මොහොතක් මේ ගෙවෙන්නෙ . ඉතින් ඒ දෙවසර පුරා ම සරසවි ජීවිතයේ වචන හා බැඳුණු රොටරැක්ට්මය මතකය ඔබත් එක්ක බෙදා ගන්නයි මං මේ සූදානම් වෙන්නෙ . රොටරැක්ට් කතුවැකියේ ඒ ගෙවුණු කාලය පිළිබඳ මේ මතක සටහන කතුවැකිය වෙනුවෙන් ලියැවෙන අවසාන සටහන බවට පත්වේවි . කවි ,…

Read more