මා කියවූ අපූරු පොත

මා කියවූ අපූරු පොත

පොත් කියවීම යනු එක්තරා ආකාරය ඇබ්බැහි වීමකි. විවිධාකාර ඇබ්බැහවීම් අතර යහපත් ඇබ්බැහි යක් වන මෙය තුලින් අපට උකහා ගත හැකි දෑ  බොහෝය.කුඩා කළ පටන් ඇති ආසාව නිසාම පොත් කියවීමට රුචිකත්වයක් ඇති මුත් සෑම පොතක්ම  මා ඇලුම් කරන්නේ නැත. එසේ ඇලුම් කළ පොත් අතර ඉහළින් ම පවතින අපූරු කතාන්දරයක් ලෙස මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගේ මැයි මාර ප්‍රසංගය දැක්විය හැකිය .

සාහිත්‍යය මාසයේ දිනයක විශ්ව විද්‍යාලයේ   සිංහල අධ්‍යන අංශයේ පැවති පොත් ප්‍රදර්ශනයකින් මිලට ගත් මේ කෘතියෙහි නම ඇසූ සැනින් මා මුල්වරට සිතුවේ මෙය කවි පොතක් වන්නට ඇතැයි යනුවෙනි. නමුත් මෙහි සැබැවින්ම ගැබ්ව ඇත්තේ අප්‍රකාශිත නමුත් අපරාජිත වූ පිවිතුරු ආදර අන්දරයකි.සාම්ප්‍රදායික ආදර කතා මෙන් නොව මෙය අහිංසක හිත් කොනක තනිවූ අපූරු ආදර කතාන්දරයක් ලෙස දැක්විය හැකිය.

කතාවේ කථානායකයා වන සමිධ අතුලසිරි යනු සාහිත්‍යයමය මනෝභාවයක් හිමි අව්‍යාජ පුද්ගලයෙකි. ඔහු පෙමින් බැදුනේ උඩහ කන්දේ ඉස්ටෝරුවට වැඩ කිරීමට පැමිණි තරුණියක් සමඟ ය .ඇයගේ නම වත් නොදැන ඇයට සිතින් පෙම්බැදි මොහු , ඇයට තැබූ නම සංචරණී නම් විය .සමිධගේ මේ සෙනෙහස සංචරණී කිසිදා දැන සිටියේ නැත . මෙම අප්‍රකාශිත ආදරයේ සලකුණ ගවරවෙල කන්දේ මැයි මාර ගසයි. ඔහු ඇයගෙන් සෙනෙහස නොලබාම ඇයගේ සතුට වෙනුවෙන් ඇය වෙනුවෙන් සිදුකළ අපූරු දෑ වර්තමාන ප්‍රේමවන්තයන් ගෙන් අපේක්ෂා කළ නොහැකි තරමටම වෙනස්වූවකි.

වර්තමානයේ රූපයට පමණක් ඇලුම් කරමින් , නොලැබීම දරාගත නොහැකිව විවිධ වූ පහත් ක්‍රියාවන්ට පෙළඹෙන්නාවූ ප්‍රේම වෘතාන්තයන් ගෙන් පිරි සමාජ පද්ධතියක අවංක හදවතින් කිසි දිනක අපේක්ෂාවකින් තොරව අසීමාන්තිකව සිදුකරනු ලබන මෙවැනි සෙනෙහස දැක්වීම් වර්තමාන තරුණ ප්‍රජාවට ද සෙනෙහස යන්නෙහි නියම අරුත කුමක්දැයි පෙන්වීමට සමත්වෙයි.

-Rtr. Praveena Alwis

Share this content:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *