ලෙන අතහැර යෑම

පුවත්පත් වාර්තාවක්
තම මව්පියන්ගේ වෙන් වීම හේතුවෙන් තමාට මුහුණ දීමට සිදු වූ ඛේදනීය ඉරණම පිළිබඳ සිංහ සීවලී කුමරිය මෙලෙස මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වුවාය.
කුමරි සුප්පාවන්ගෙ දියණිය
සිංහබාහුගෙ සොඳුරු නැගණිය
පියා අහිමිව තැවෙන ළදැරිය
සිංහ සීවලි පුංචි කුමරිය
ඇරිලා වංග මාලිඟ කවුළු
නැඟිලා වනය දෙදරා ගෝසෙ
කලඹා නුවර දවනා පොළව
හැරගිහිල්ලා පියාණන් මා
ගල් ගුහාවක් වුවත් කම් නෑ
තිබුණු සෙනෙහස දිවිය පුරවා
මව්පියන් විරසකය මතු වී
හැරගිහිල්ලා පියාණන් මා
පියාණනි ඔබෙ ශෝකෙ දැනුණා
ගලක් වූවා මෑණියන් හද
සොහොයුරා බලලෝබෙ වෙලුණා
අහිමි වූවා මගේ ලෝකය
දූපුතුන් හඳ මඬල පුරවා
ඉන්න මාපිය දෙදෙන සැමදා
දෙතැනකට ඔබ වෙන්ව ගිය දා
අපේ ලෝකය දැදුරුවෙනවා
පසුසටහන – ශ්‍රී ලංකාව තුළ දෛනිකව සිදුවන දික්කසාද වීම් හේතුවෙන් තම සුන්දර ළමා කාලය අහිමිවන දරුවන් වෙනුවෙන් නැඟී සිටිමු.
Rtr. කවීෂා හංසි
Share this content:
Leave a Reply