RotaVentures to Galle: OC Diaries 1

RotaVentures to Galle: OC Diaries 1

BY Rtr. Chemini Mehara

ඇත්තටම අපි හිතුවටත් වඩා හොඳට, අපිට ඕනම විදියටම එදා දවස ගොඩක් ලස්සනට අපි හැමෝම එකතු වෙලා spend කළා. ඒකට ප්‍රධානම හේතුව වුණේ අපේ OC එක තමයි. විශේෂයෙන්ම Heshan & Tharinsa නිතරම වගේ මේ වැඩේට ගොඩක් මහන්සි වුණා. එයාලා ideas දෙන එක විතරක් නෙමෙයි, මේ trip එක ලස්සනට වෙන්න ඕන විදිය ගැන පොඩිම දේවල් ගැනත් හොයලා බලලා, හැමදේම perfect වෙන්න ගොඩක් කැපවීමෙන් වැඩ කළා.

Maradana railway station එකෙන් උදේ 6ට පිටත්වූ අපි, මුලින්ම Dharmapala Park එකේදී අනිත් Rotaract Clubs 3ක් එක්ක එකතු වෙලා fun games ගොඩක් කළා. ඇත්තටම ඒක නිකන්ම games ටිකක් නෙමෙයි, ඒක හරිම හොඳ bonding experience එකක්. අලුත් යාළුවෝ ගොඩක් හම්බවුණා, කවදාවත් අමතක නොවෙන memories ගොඩක් එතන හැදුණා.

ඒ වගේම හවස අපි Galle Fort එක, වගේම Galle Maritime Museum බලන්න ගියා. එතනදී අපිට කාලයක් තිස්සේ සිදුවුණු ගාල්ල ආශ්‍රිත නාවික තොරතුරු වගේම 2004 Tsunami එක සම්බන්ධ තොරතුරු ගොඩක් දැනගන්න ලැබුණා. ඒක නිකන්ම trip එකක් නෙමෙයි, අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණු educational පැත්තකුත් තිබුණා.

අන්තිමට කට්ටිය විසිරිලා යන්න කලින් කරපු cafe visit එකත් ගොඩක් විශේෂයි. එතනදී අපි හැමෝම නිදහසේ chitchat කරලා, board games play කරලා අලුත් memories collect කරගන්න පුළුවන් වුණා.

ඉතින් අපේ මේ Rotaventures to Galle trip එක මේ විදියට අපේ life එකට අලුත් memories ගොඩක් එකතු කරපු, කවදාවත් අමතක නොවෙන ලස්සන දවසක් වුණා.

මම,
මෙහාරා.

Share this content:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *