තරු පිහාටුවක් මටත් දෙනව දෝ…

තරු පිහාටුවක් මටත් දෙනව දෝ
සඳ කුමාරියක් නොවෙයි කිමෙක් දෝ
ඈත විශ්වයේ ඉගිළ යන්න දෝ
හීන නිම්නයේ…
මං රැජිනක් දෝ…
අහස් දූපතේ මල් පිපේවි දෝ
හිම කැට ඉවුරේ සැනසීමක් දෝ
ඇහිපිය හෙවණේ උණුහුම ඇත් දෝ
හීන නිම්නයේ…
මං රැජිනක් දෝ…
තරු පිහාටුවක් මටත් දෙනව දෝ…
නීල කඳුකරේ මං කුසුමක් දෝ
නීල විල් දියේ තිසරඟනක් දෝ
නීල තුරුපතේ පිනි බිඳුවක් දෝ
හීන නිම්නයේ…
මං රැජිනක් දෝ…
තරු පිහාටුවක් මටත් දෙනව දෝ…
– Rtr. කවීෂා හංසි
Share this content:
Leave a Reply