Day: 8 August 2023

කඳුළු සහ මතක

නෙත් අගින් ගිලිහිලා පිටු අතර සැඟවිලාමතක සැමරුම් පොතේපද වැලක් බොඳ කළා සිතුනේ ද එය සෝ කඳුළකැයි කියානැත, නමුත් සිත් තුටු ව ගිය දවස් සිහි‌‌වුණාපිටු අතර ගැවසෙද්දි හමුවේවි දැයි සිතාකඳුළු අතරින් තව ටිකක් එබිකම් කළා ⁣පිටෙන් පිට පිටෙන් පිට එහි තිබූ කවි කතාටිකෙන් ටික ටිකෙන් ටික තනිකමක් ළං කළාමැකී ගිය සෙනෙහෙකම් අද නොමැති බව කියාකඳුළ වියලී මතක පද අතුරුදන් වුණා - Rtr. භාග්‍යා නාරන්පනාව

Read more