කඳුළු සහ මතක

කඳුළු සහ මතක

නෙත් අගින් ගිලිහිලා

පිටු අතර සැඟවිලා
මතක සැමරුම් පොතේ
පද වැලක් බොඳ කළා

සිතුනේ ද එය සෝ කඳුළකැයි කියා
නැත, නමුත් සිත් තුටු ව ගිය දවස් සිහි‌‌වුණා
පිටු අතර ගැවසෙද්දි හමුවේවි දැයි සිතා
කඳුළු අතරින් තව ටිකක් එබිකම් කළා

⁣පිටෙන් පිට පිටෙන් පිට එහි තිබූ කවි කතා
ටිකෙන් ටික ටිකෙන් ටික තනිකමක් ළං කළා
මැකී ගිය සෙනෙහෙකම් අද නොමැති බව කියා
කඳුළ වියලී මතක පද අතුරුදන් වුණා

– Rtr. භාග්‍යා නාරන්පනාව

Share this content:

1 COMMENT

comments user
Yishini Liyange

This is so nice. I really felt it. I really love the poem a lot . Thanks for writing such a nice poem

Leave a Reply

Your email address will not be published.