Day: 10 August 2023

වෙනස් නොවෙනස් ආදරය

මා දැක නැත ආදරය කියා කිසිවක් දැනුණු ලැබුණු ලැබදුන් හැටියට එය මෙසේ යැයි සිතනෙමි විශ්වාස කරන්න... ඔබ දන්නා ආදරය නොවුවත් මා උගත් ඒ සොච්චමත් ආලය මැ වෙයි සිනහවට කඳුලට ඉපැදුමට මළගමට අප හැමට මං තනන්නා වූ මහා බලගතු ආල මන්ත්‍රය... මුළු හෝඩියත් මදියි ආලෙ ගැන සිතුවම් කරන්නට එයින් නවතිමි මෙතැන් සිට… අමතක නොකර දුටුවොතින් ආල වැඩෙන යමක් තිබෙනු අහුමුල්ලක නො පමාව හදවත බෙදා දෙනුමැන කාට කාටත් පහසු විදියට ආදරය නම් ඒ මැයි... ~Rtr. Hiruni Aththanayake

Read more