Day: 16 November 2023

කවි දෙකක්, දෙන්නෙක්ට.

ඔහු තම පෙම්බර ළබැඳියටත් , ඔහුගේ ම යහපත් මිතුරියකටත් මෙසේ ලියා තිබුණි. ළබැඳියට, හදවත කැඩී සුන් වී ගිය එක දිනකකොහෙන් ආව සුරඟනක් ද ඔබ එදිනනෙතඟ කඳුළු බිඳුවක් නුඹ මෝදු කළඅලුත් හීනයක් දුන්නා මගෙ හිතට හැම දිනක් ගනින්නැතිනුඹ දකිනු රිසින් මංඑක දිනක් යෙදෙන්නැතිනුඹව දැකගත්ත මංමුනිවත ම රකින්නැතිගොළුවෙකුගෙ විලස ම මංකොහොම නම් කියන්න දනුඹට පෙම් කරමි මං යහපත් මිතුරියට, කටකාර කියවිල්ලනිමක් නෑ කනත් නෑඒත් නුඹෙ හිත හොඳයිමං තාම කිව්වෙ නෑකිසි දෙයක් කියන්නටබයක් නෑ වගක් නෑයහපත් ම මිතුරියටමිලක් නෑ කමක් නෑවිහිළුවට තහළුවටකෙළවරක් ඇත්තෙ නෑබණ කතා දෙසන්නටඊට වැඩි කෙනෙක් නෑලොකුකමයි පණ්ඩිතයිකමක් නෑ කමක් නෑමචං උඹ හොඳ එකීතරහ නෑ තරහ නෑ Rtr. කවීෂා හංසි

Read more