කවි දෙකක්, දෙන්නෙක්ට.

කවි දෙකක්, දෙන්නෙක්ට.

ඔහු තම පෙම්බර ළබැඳියටත් , ඔහුගේ ම යහපත් මිතුරියකටත් මෙසේ ලියා තිබුණි.

ළබැඳියට,

හදවත කැඩී සුන් වී ගිය එක දිනක
කොහෙන් ආව සුරඟනක් ද ඔබ එදින
නෙතඟ කඳුළු බිඳුවක් නුඹ මෝදු කළ
අලුත් හීනයක් දුන්නා මගෙ හිතට

හැම දිනක් ගනින්නැති
නුඹ දකිනු රිසින් මං
එක දිනක් යෙදෙන්නැති
නුඹව දැකගත්ත මං
මුනිවත ම රකින්නැති
ගොළුවෙකුගෙ විලස ම මං
කොහොම නම් කියන්න ද
නුඹට පෙම් කරමි මං

යහපත් මිතුරියට,

කටකාර කියවිල්ල
නිමක් නෑ කනත් නෑ
ඒත් නුඹෙ හිත හොඳයි
මං තාම කිව්වෙ නෑ
කිසි දෙයක් කියන්නට
බයක් නෑ වගක් නෑ
යහපත් ම මිතුරියට
මිලක් නෑ කමක් නෑ
විහිළුවට තහළුවට
කෙළවරක් ඇත්තෙ නෑ
බණ කතා දෙසන්නට
ඊට වැඩි කෙනෙක් නෑ
ලොකුකමයි පණ්ඩිතයි
කමක් නෑ කමක් නෑ
මචං උඹ හොඳ එකී
තරහ නෑ තරහ නෑ

Rtr. කවීෂා හංසි

Share this content:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *