Day: 16 November 2026

ඡායා

BY Rtr. Dulanya Herath (මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරිණි. නම් ගම් මනඃකල්පිතයි.) නංගි, මම හොල්මන් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. හැබැයි මේ ලෝකේ සමහර දේවල් තියෙනවා අපිට යථාර්ථය අස්සේ පැහැදිළි කරන්න බැරි. මේ එහෙම කතාවක්. අපේ ඉස්කෝලේ හොස්ටල් එකේ තියෙන්නේ රූම්ස් නෙවෙයි. ඩෝර්ම්ස්. ඒවා නිකං ඉස්පිරිතාල වාට්ටු වගේ. ලොකු හෝල් එකක ඇඳන් දාලා තියෙනවා හැටක් විතර. අපි නවය වසරේ ඉන්නකොට අපිට තිබුණු ඩෝර්ම් එකේ අපියි, අට වසරේ නංගිලායි දෙගොල්ලොම හිටියා. ඒක තට්ටු දෙකක ගොඩනැගිල්ලක උඩ තට්ටුව. ඒ තට්ටුවට කාමර දෙකයි. අපේ ඩෝර්ම් එක වුණු හෝල් එකයි, ඊට පිටිපස්සෙන් අපි සික් රූම් එක කියලා කියපු වහලා දාපු හිස් කාමරෙයි. වහලා දැම්මා කිව්වට ඒ කාමරේ ලොක් කරලා තිබුණේ නෑ. මං ඒකට ගිහින් තියෙනවා. ඒක නිකංම කැඩුණු ඇඳන් දෙකක්…

Read more