දෑස් අද්දර
“අහේතුක ප්‍රේමයක කතා ලියවෙන්නේ ම ඇස් කොනක් අද්දරක කාට කාටත් හොරැහින්”
සියුම් සර තත් පිරිමදින හඬ
මගේ දෙසවන් සනසවයි
මන්ද්‍ර ස්වරයක් නොවේ නුඹෙ හඬ
ළයේ සුසුමක් උපදවයි
හිම පියලි සීතලක් ඇවිදින්
සිත කොනක ගිනි අවුළුවයි
දෑස් අද්දර තවත් දෑසක්
මැකී නොමැකී හිනාවෙයි
දුර ඈත සිටියාට
කවියක්ය නුඹ මිහිරි
නින්නාද වන්නේම
එහි පදය
හදවතේ සිර මැදිරි
නුඹ ලියන කවි පදක
අග්ගිස්සෙ හරි ඉතිරි
නවතින්න අවසර ද
නවත්වා කියවිල්ල
මේ හිතැති
වදනකට නොපෙරළුණ
ඒ මිහිරි පෙම් කවේ
රසභාව සැඟවිලා
ගියාවේ සයිබරේ
හිමි වෙන්න උරුමයක්
තිබේ නම් දෛවයේ
එය නුඹම කියාවි
දෑස ළඟ හෙට දිනේ
Rtr. කවීෂා හංසි
Share this content:
Leave a Reply