මේක ගෙයක්, ඒත් පාරාදීසයක්!

මේක ගෙයක්, ඒත් පාරාදීසයක්!

පොඩි හුරුබුහුටි  ලස්සන ගෙයක් නිසාද  මන්දා ලොකු ලොකු ගෙවල් වල අයගෙන් කරදර ටිකක් වැඩි.

ඒත් ගෙදර අයිතිකාරයෝ හදන්නේ කොහොම හරි මෙයාව විකුණලා කීයක් හරි හොයාගන්න.

මෙයාගේ  පරම්පරාව නම්  මහා විශිෂ්ට එකක් කියලා  කිව්වට දැන් ඉන්න විදියට නම් ඒකත් ප්‍රශ්නාර්ථයක්?

මේ ගෙදර ඉන්න ඉගෙන ගත්ත කෙනා නැති කෙනා හැම කෙනාම කොයි වෙලෙත් ඉන්නේ වෙන ගෙවල්  බල බල  හූල්ලමින්

 මේ ගේ පිළිසකර කරලා  ගොඩ දාලා  ගත්ත නම් ආයේ වෙන ගෙවල් ඕනේ නෑ

ඒත් ගෙදර ඉන්න හැමෝම  ඉන්නේ තම තමන්ගේ කාමර වලට වෙලා  තමන්ගේ වැඩ එක්ක  නිසා ඒක හරියන එකක් නෑ 

වන්දනාමාන කරන්න පිළිවෙළට වෙන වෙනම තැන් සකස් කරලා  තිබ්බත් ගෙදර අය කොයි වෙලෙත් යන්නේ හොයගෙන අර

 හොර ජ්‍යොතිෂය කාරයව

ගොඩ යාමක් නොමැති බව දුටු  නිවැසියන් අවසානයේ

සාපලත් පාරාදීසයෙන් ආශිර්වාද ලත් කාන්තාරයට යයි !

Rtr. තිමිර දිනෙත්ම

Share this content:

2 COMMENTS

comments user
Baagya Piyamudalige

Nice words Thimma ❤️

comments user
Kavindi Gunawardena

Nicely written Thimira

Leave a Reply

Your email address will not be published.