සීගිරි කාශ්‍යපගේ වියරුව

සීගිරි කාශ්‍යපගේ වියරුව

මහා ගල හරි තදින් ඔපදා
ඒ මුදුනෙ මාළිඟා තනවා
හෙළයෙ නාමය ලොවේ රන්දා
සිංහගිර මං තැනෙව්වා

බිසෝවරු රුව ගලේ අඳවා
කවියො ගෙන්වා කවි ලියවලා
කදිම ජලමල් පොකුණු බඳවා
අලකපුර සිරිලක තැනෙව්වා

පුරා සියවස් ගණන් ගෙව්නා
අලුත් මිනිසුන් මෙහෙට ආවා
සොබාදහමින් සැදුණු රජබිම
කසළ කන්දෙන් වසා දැම්මා

ආලකමන්දා නමින් පරසිඳු
සීගිරිය ලොව පුදුම කරලූ
ප්ලාස්ටික් කඳු මතින් වැහිලා
දකින කොට හදවතම පිච්චූ

වෙමිය මම කාශ්‍යප රජ
පුරා සුපතළ හෙළයෙ නාමය
යළිත් නැඟිටිමි පළා සොහොනත
දෙපළු කරනෙමි නර මිනිස් කැළ

කසබු ශාපය නොවැඳි ඉන්නට
යළිත් රකිනුව මගේ සිහගිර
ප්ලාස්ටික් කුණු ඉවත් කර දා
සදා රකිනුව හෙළයෙ උරුමය

– Rtr. කවීෂා හංසි

Share this content:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *