කවි සිත්තරුන්

කවි සිත්තරුන්

කවියො කියන්නෙම
සීමා විරහිත සිතුවිලිකාරයොන්ට
රාමුවෙන් එහා සක්වල
පමණ ඉක්මවා සක්මන් කරන
උද්ධච්ච හිතලුගොන්නක
සාඩම්බර හිමිකාරයොන්ට
විශාදය වැළඳුණු කවියෝ
බෙහෙතට ගන්නෙ පෑන
සුදු හිස් පත්ඉරු වල
අකුරු රටා මවනෙකයි උන්ට උරුම
කවියෙක් කියන්නෙම
ඕනෑවට වඩා හිතනෙකට
දරන්නම බැරිව පිපිරෙන්න එද්දි
සීරුවට පන්හිඳ දිගේ
දියවෙන්න දෙන එකට…

– Rtr. හිරුණි අත්තනායක

Share this content:

1 COMMENT

comments user
Anonymous

Nice ❤️

Leave a Reply to Anonymous Cancel reply

Your email address will not be published. Required fields are marked *