පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අභිරහස් දුෂ්ඨ ආත්මය

පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අභිරහස් දුෂ්ඨ ආත්මය

පේරාදෙණිය උද්භිද උද්‍යානය සාමාන්‍යයෙන් අපි කොයි කවුරුත් දන්නා පරිදි ඉතාමත් මනස්කාන්ත ස්වභව සෞන්දර්යක් ඇති ආදරණීය උද්‍යානයකි. ඇතැම් විටක ආදර පාරාදීසයකි. නමුත් මෙම උද්‍යානයේ එක් ස්ථානයක බිහිසුණු අභිරහසක් තිබුණි. මෙම ස්ථානයට අඳුරු වැටුනු පසුව කිසිම කෙනෙකු නොයයි. මන්ද එම ස්ථානයට රාත්‍රියේදි ගිය කිසිවෙකුට යහපතක් සිදු වී නොමැත, ඇතැම්හු ජීවතුන් අතර පවා නැත.  මේ පිළිබඳව දන්නා කිසිවෙකු රාත්‍රියේ පමණක් නොව දවල් කාලයේවත් එම ස්ථානයට නොයන්නේ මරණ බිය නිසාවෙනි.   

කුමක්ද මේ අභිරහස? මේ අභිරහස මළගිය ආත්මයකි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තරුණයෙකු විසින් මෙම අභිරහසට හේතුව සොයා ගවේෂණයක් ආරම්භ කළේය. ඒ වෙනුවෙන් ඔහු ඔහුගේ ජීවිතය අවදානමක හෙලුවත් ඔහු මියගිය ආත්ම ගැන කිසිදු විශ්වාසයක් තැබුවේ නැත. ඇත්තෙන්ම ඔහු කිසිදු ලෙසකින් මෙම ක්‍රියාව බරපතලව සැලකුවේද නැත. නමුත් මෙම තරුණයා එම ස්ථානයට යෑමට හදිසි වූයේද නැති අතර ඔහු ප්‍රථමයෙන් කරුණු ගොනු කරගැනීමට තීරණය කරේය.

ඔහු මුලින්ම හමුවූයේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ආරක්ෂක නිලධාරියාවය. ඔහුගෙන් දැනගත හැකි වූයේ ඔහු සේවයට බැඳී අවුරුදු දොළහක් වන බවත් එම අවුරුදු දොළහා මුළුල්ලේම ඔහුද එම ස්ථානයට නොගිය බවත් රාත්‍රී අඳුර පැමිණි පසු එම ස්ථානය හා වටපිටාව ඉතාමත් අද්භූත පරිසරයක් ගන්නා බව හා විවිද ශබ්ද ඇසෙන බවත්ය. ඔහු සේවයට බැඳීමට පෙර සිටි ආරක්ෂකයාද හදිසි අනතුරකින් මිය ගිය බවත් ඔහුගේ මරණයෙන් පසුව තමාට මෙම තනතුර ලැබුන බවත් අවදාරනය කළේය. පසුව තරුණයා මෙම කරුණු ප්‍රමාණවත් නැති බැවින් පේරාදෙණිය උද්භිද උද්‍යානය භාරකාර දූරය හොබවන පුද්ගලයා සොයා ගියේය. උද්‍යානයේ භාරකරු හා සිදු කෙරූ සාකච්ඡා වලදී අනාවරණය වූයේ පෙර සිටි ආරක්ෂක නිලදාරියාගේ සිදු වී තිබෙන්නේ එම නිලධාරියා උද්‍යානයේ එම අභිරහස් ස්ථානයට ගොස් ඇති බව හා ඔහු එතැන් පටන් මානසික රෝගියෙක් මෙන් හැසිරී ඇති බවත් හා උද්භිද උද්‍යානය ඉදිරි ගේට්ටුව ඉදිරියෙන් ඇති මහා මාර්ගයේ ගමන් ගන්නා ලොරියකට ඔහුම දිවගොස් දිවිනසා ගත් බවය. මෙම තොරතුරු වලින් පසු තරුණයාගේ කුතුහලය වැඩි විය. ඔහු තව දුරටත් ප්‍රශ්න කලේ මෙවැනි සිදුවීම් සිදුවන්නේ කෙදිනක සිටද වගයි.

පෙරසිටි ආරක්ෂක නිලධාරියාද අවුරුදු විස්සක් පමණ මෙහි රාජකාරි ඉතාමත් හොදින් සිදු කර ඇති අතර එම කාලයේදී මෙම උද්‍යානයේ කිසිදු ලෙසකින් මෙවැනි ක්‍රියා සිදු වී නොමැත. එම ආරක්ෂක නිලධාරියාගේ අභාවයට දවස් හතරකට පෙරදී එම ස්ථානය නිසා සිදු වූ පළමු මරණය සිදු වී තිබුණි. පළමු මරණය යැයි පැවසුවත් සත්‍ය වශයෙන්ම මරණ දෙකක්. එදා ඒ දිනයේදී පෙම්යුවලක් එම ස්ථානයට ගොස් රණ්ඩු වී පෙම්වතා විසින් පෙම්වතියගේ ගෙල සිර කර මරා දමා පසුව එම ස්ථානයේම කෑමොර දී තමාද දිවි නසා ගෙන තිබේ. විශේෂත්වයනම් මරණාසන්න වී පණ අදින මොහොතේදී ඔහු කුමක්ද මගේ පෙම්වතියට සිදු වූයේ කියා අඩමින් අවසන් සුසුම් හෙලීමයි. මෙම දවසේ මේ මිය යුවල එදා පටන් එම ස්ථානයේ සැරිසරන බවත් එම ස්ථානයට එන වෙනත් පුද්ගලයින්ව මරාදමන බව උද්‍යානයේ භාරකරු විසින් විශ්ව විද්‍යාල තරුණයාට පැවසුවත් එම තරුණයා එය පිලිගත්තේ නැත. ඔහුට එම කරුණු ප්‍රෙහේලිකාවකි.

මිය ගොස් ඇති පරණ ආරක්ෂක නිලධාරියාගේ පවුලේ අය සොයා ගිය විශ්ව විද්‍යාල තරුණයට හමුවූයේ එම ආරක්ෂක නිලධාරියාගේ දුවය. දුවගෙන් එම තරුණයා තමාගේ ගවේෂණය ගැන සහ තමා සොයා ගත් කරුණු ගැන විස්තරයක් සිදු කළේය. හිටපු ආරක්ෂක නිලදාරියාගේ දියණිය දැන් විවාහක කාන්තාවකි. මෙම කාන්තාව පියාගේ මරණය ගැන කතා කරන විට මදක් සංවේදී වුවත් පසුව ඒ පිළිබඳව කතා කිරීමට යොමු වුනි. මාගේ පියා මියගිය දිනයේ උදේත් මා සමඟ කතා කරා සුපුරුදු විදිහට. නැවතත් ඔහුගෙන් දුරකථන ඇමතුමක් බලාපොරොත්තු නොවුනත් හිටි හැටියේම සවස හයට විතට ඔහුගෙන් ඇමතුමක් ආවා. දුවේ පරිස්සමෙන් ඉන්න. කව්දෝ ලේ පෙරා ගත්ත හිසෙන් අඩක් වෙන් වූ භයානක කාන්තාවක් මා දෙස බලන් ඉන්නවා මගේ පස්සෙන් එනවා. මට හැංගෙන්න බෑ වෙන කාටවත් පේන්නෙත් නෑ කියාගෙනම ඇමතුම විසන්දි කරා. ඊට සුළු මොහොතකට පසු පියා මිය ගිය බව දැනගත්තා යැයි ඇය පැවසුවා. විශ්ව විද්‍යාල තරුණයාට මේ කරුණුත් ප්‍රමාණවත් මදි වූ නිසා ඊටත් පෙර මිය ගිය තරුණ ජෝඩුව පිළිබඳව සෙවීමට පටන් ගත්තේය. නමුත් හමුවූයේ මිය ගිය තරුණියගේ හොඳම යෙහෙළියව පමණයි. මේ වන විට ඇය පාසල් ගුරුවරියකි. ඇයගෙන් දැන ගත් කරුණුවලට අනුව මිය ගිය තරුණ ජෝඩුව ඉතාමත් ආදරණීය යුවලකි. ඔවුන්ට කිසිඳු ප්‍රශ්නයක් තිබී නොමැති අතර ඔවුන් විවාහ වීමටද බලාපොරොත්තුවෙන් සිට ඇත. නමුත් ඇයි එසේනම් එසේ මිය ගියේ, පෙම්වතා පෙම්වතියව ගෙල සිර කර මරා දම පෙම්වතා ද දිවි නසා ගත්තේ ඇයි? මියයෑමට පෙර පෙම්වතා විසින් පෙම්වතිය ගැන අඩමින් පුදුමයෙන් මැරුනේ ඇයි? මෙවැනි බොහො ප්‍රශ්න විශ්ව විද්‍යාල තරුණයාගේ හිතට දැනුනි. නමුත් ඔහු කාර්ය අතහැරියේ නැත. ඔහු කට කතා හා වෙනත් විවිද ක්‍රම ඔස්සේ කරුණු හෙව්වත් ඔහුට කිසිවක් දැන ගැනීමට නොලැබුනි. ඉතින් ඔහු දැඩි තීරණයක් ගන්නා ලදී.

එනම් ඔහු තනියම රෑට එම ස්ථානයට යන බවය. කැමරා උපකරණ සහිතව ඔහු එම ස්ථානයට රාත්‍රියේ යෑමට උත්සාහ කරත් වත්මන් ආරක්ෂක නිලදාරියා ඔහුට ඒ සදහා අවසර නොදුන්නේය. තරුණයාගේ දැඩි ඉල්ලීමටවත් ඇහුම්කන් නොදුන් ආරක්ෂක නිලධාරියා පසුව ඔහුට යෑමට ඉඩ දුන්නෙ මුදල් වෙනුවෙනි.

තරුණයා රාත්‍රියේම එම ස්ථානයට ගිය අතර ඔහුගේ ගත සිසිල් වී ගියේය. කාන්තා අඳෝනාවකින් තරුණයාගේ සවන් පිරී ගිය අතර හුළං හැමීමද දැඩි විය ඉතාමත් භයංකර බිහිසුණු පෙනුමක් ඉදිරියට එන්නට විය. තරුණයා තමන්ගේ ජීවිතය නොසලකා කැමරා කරන්නට විය. ආත්මය ළඟටම පැමිණුනේය, තරුණයා ජීවිතයට තිබූ ආශාව අතහැර බිය පෙන්වන්නැතුව මෙසේ ඇසුවේය, ඔබ කවුරුන්ද? ඇයි මෙසේ කරන්නෙ?  

මමත් උඹේ විශ්ව විද්‍යාලයේම හිටපු සිසුවියක්, මම වැඩියෙන්ම ආදරේ කරපු කෙනා මම නොදැනුවත්වම වෙන කෙනෙක් එක්ක අනියම් ඇසුරක් පවත්වලා, ඒක මට අහු උනාම මගේ බෙල්ල කපල මැරුවා. අපි දෙන්නා ආදරෙන් හිටියේ මෙතන තමයි, අපි අන්තිමටම ආවෙත් මෙතනට, වෙන් උනෙත් මෙතමයි. ඉතින් මම මෙතන්ටම ආවා මැරුන වෙලේම, ආයි දවසක එයා මෙතන්‍ට එනකම් වෙන කාටවත් මෙතන ඉන්න බෑ. එයා මැරෙන්න ඕන, මගේ අතින් එයා මැරෙනකම් මම නවතින්නෙත් නෑ.

මෙය අසා සිටි විශ්ව විද්‍යාල තරුණයා ඇයි අහිංසක මිනිස්සු මරන්නේ? ඇයි ඒ? කියා විමසනවා. කිසි කෙනෙක්ගෙන් මට වැඩක් නෑ මෙතන්ට එන ඕන කෙනෙක්ව මම මරලා දානවා අනිවාරෙන් උඹත්, 

මේක තමයි පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අද්භූත කතාව.

Rtr. දිනුක ප්‍රසාද්

Share this content:

Leave a Reply

Your email address will not be published.