නීල දෙණිපතක කවි සුළඟ

නීල දෙණිපතක කවි සුළඟ

සුසුවඳ සුළඟේ – මල් මකරන්දේ
නීල දෙණිපතේ – සෙවණැලි යායේ
හීන පුරෝගෙන – සීත මකාගෙන
ගලනා ගඟුලැල්ලේ

අහස් තොටුපළේ – වලා ඔරු තලේ
හීන දියඹරේ – හරිත තුරුල්ලේ
සෙනෙහෙ බෙදාගෙන – සිනා මවාගෙන
ගෙවෙනා දිවිගමනේ

උණුසුම් උදයේ – තුරු හසරැල්ලේ
පිනි කඳුළැල්ලේ – දේදුනු යායේ
සුසුම දරාගෙන – තුටින් පිරීගෙන
කියනා ගී මිහිරේ

Rtr. කවීෂා හංසි

Share this content:

Leave a Reply

Your email address will not be published.